වයඹ ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වේ

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඊයේ (22) දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම්දීමට කටයුතු කර තිබුණි.

කොටස් වෙලඳපොල ඉහල යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 130.3 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් ලෙසින් අද (23) අවසන් වූ අතර පිරිවැටුම රු. මිලියන 994 කි

ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ…

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟය අද ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතාවලියේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.