භාණ්ඩාගාරය සොරා කෑ බවට අනුරගෙන් චෝදනා
පැවති ආණ්ඩු භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම සඳහා සීමාවක් නොමැතිව කටයුතු කළ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර මහයියාව ප්‍රදේශයේ ඊයේ (11) පැවැති ජන රැලියට එක්වෙමින්.










