ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ වෙන අපේක්ෂකයෙක් දිනවන්න නොවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට නොවන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. දොම්පේ ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමනුයි ඔහු මේ අදහස් පළ කළේ.

අනුරගෙන් මිතුරාට පිළිතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේදී ජාතිවාදී දේශපාලනයක නිරත වන බව, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සදහන් කළේ, අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි මහ සමුලු‍වට අද කොළඹදී එක්වෙමින්. ඔහු එහිදී

පාලිත බණ්ඩාර පස්වන තැනට

මේ වනවිට ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැවති අවසන් ක්‍රීඩා ඉසව්ව සඳහා පාලිත බණ්ඩාර ඊයේ සහභාගි වුණා. යගුලිය විසි කිරීමේ එෆ් 63 කාණ්ඩයෙන් තරග වැදුනු ඔහුට එහිදී හිමිවූයේ පස්වන ස්ථානයයි. ඔහු එහිදී

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා”

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹ පැවැති නීතීඥ සමුළුවක් අමතමින්. එහිදී ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවකට තම රජය නායකත්වය ලබා දෙන බවය.