අනතුරක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ දී රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. ඒ, බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන්. මාතර දෙසට වාහන ධාවනය සඳහා එක් මංතීරුවක් පමණක් භාවිතා කරන බවයි සඳහන් වන්නේ.

වැල්ලවායෙන් අතුරුදන් සිසුවියන් දෙදෙනා මැදිරිගිරියෙන් හමුවෙයි

වැල්ලවාය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කී ශිෂ්‍යාවන් දෙදෙනා මැදිරිගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැදිරිගිරිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටියදී මැදිරිගිරිය පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැල්ලවාය

කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දෙන තීරණයක් නෑ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමන් තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එසේම ඇත‍ැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ සහ විපක්ෂ දේශපාලනඥයින් ඔහු සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවල කිසිදු

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානාගේ සහාය රනිල්ට

මුස්ලිම් ක්‍රොංග්‍රස් මඩකලපු දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා එක් වී තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු

”අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශය කරන්න”

ජනාධිපතිවරණයේ දී අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කරගෙන ඉදිරියට යන