භාණ්ඩාගාරය සොරා කෑ බවට අනුරගෙන් චෝදනා

පැවති ආණ්ඩු භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම සඳහා සීමාවක් නොමැතිව කටයුතු කළ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර මහයියාව ප්‍රදේශයේ ඊයේ (11) පැවැති ජන රැලියට එක්වෙමින්.

”තේ කර්මාන්තයට ස්වර්ණමය යුගයක් උදා කරනවා”

ලබන 21 පසු බිහිවන සිය රජයක් යටතේ මෙරට තේ කර්මාන්ත ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ අද පැවැති ජන රැලිය අමතමින්. වතු

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසුව ඡන්ද පොළෙන් රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටියම කිසිඳු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ ශාලාව වෙත ගෙනවිත් භාරදෙන්නේ ද යන්න පිළිබඳව සමහර දේශපාලඥයන්, අපේක්ෂකයන් තුළ සැක ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කිසිදු

නූපන් කිරිකැටියාට සහ මවට දිවි අහිමි කළ මාරක අනතුර

හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා. ඒ ත්‍රීරෝද රථයක් පාරේ ගමන් කරමින් සිටි ගැබිණි කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ. මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්වූයේ අවුරුදු 23ක කාන්තාවක්.