අද (නොවැම්බර් 4) දින කොළඹ පිහිටි BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදී පාරිභෝගිකයින් පිරිසක් විරෝධතාවක නිරත විය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ රේගුව විසින් රඳවා තබාගෙන ඇති BYD වාහන නිදහස් කිරීමේ ප්‍රමාදයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටය. විරෝධතාකරුවන් අවධාරණය කළේ, ශ්‍රී ලංකා රේගුව මෙම වාහන රඳවා තබා ගැනීමට ගත් තීරණය හේතුවෙන් ඒවා සාමාන්‍ය පරිදි මිලදී ගැනීමේ ක්‍රියාවලියට බාධා පැමිණ ඇති බවයි. මාස කිහිපයකට පෙර මෙරටට ආනයනය කළ මෙම වාහන සම්බන්ධයෙන් රේගුව කටයුතු කළේ, මෙතෙක් අනුගමනය කළ නිල ක්‍රියා පටිපාටියට පටහැනිව, වාහනයේ නිෂ්පාදකයාගේ සහතිකය පිළිනොගන්නා බව පවසමින් රඳවාගෙන පරීක්ෂා කිරීමටය. මෙම තත්ත්වය පිළිබඳව අධිකරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, JKCG Auto සමාගම නිවේදනය කර ඇත්තේ පවතින තත්ත්වයට සාධාරණ විසඳුමක් රේගු පාර්ශ්වයෙන් කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව ඇතුළු වගකිව යුතු පාර්ශ්ව මැදිහත්වී මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.






















