පාලනයේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ නඩු කටයුතු හැසිරවීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායී බව ඉහළ නැංවීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් ඩිජිටල් නඩු ගොනු ලුහුබැඳීමේ පද්ධතියක් දියත් කර ඇත.එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන සහ ජපන් රජයේ අතිරේක අයවැය (JSB) යටතේ අරමුදල් සපයන මෙම වැඩසටහන, “දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහාය තුළින් ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීම” (“Promoting Economic Governance through Anti-Corruption Policy Support”) යන ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද වැදගත් පියවරකි.කොළඹ පිහිටි CIABOC මූලස්ථානයේදී මෙම පද්ධතිය දියත් කරන ලදී. ඒ, CIABOC හි සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා, කොමසාරිස්වරුන් වන කේ.බී. රාජපක්ෂ (නීතිඥ) සහ ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර යන මහත්වරුන්, CIABOC හි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක (මහාධිකරණ විනිසුරු) මහතා, ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කමෝෂිඩා නයෝකි (KAMOSHIDA Naoaki) මහතා සහ ශ්‍රී ලංකාවේ UNDP නියෝජිත අසුසා කුබෝටා (Ms. Azusa Kubota) මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.නව ඩිජිටල් වේදිකාව සැලසුම් කර ඇත්තේ නඩු කළමනාකරණය විධිමත් කිරීමට, වැඩ ප්‍රවාහයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ කාලෝචිත, විනිවිදභාවයෙන් යුත් විමර්ශන සඳහා පහසුකම් සැලසීමටය. මෙය CIABOC හි ආයතනික ධාරිතාව වැඩිදියුණු කරන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත වරම ඉටු කිරීමට සහ ඵලදායී පාලනයට සහාය වේ.මෙම නඩු ගොනු ලුහුබැඳීමේ සහ කාර්ය ප්‍රවාහ කළමනාකරණ විසඳුම (Case-File Tracking and Workflow Management Solution) මඟින් කාර්යක්ෂමව නඩු හැසිරවීම, ප්‍රශස්ත කළ වැඩ ප්‍රවාහය, වැඩි දියුණු කළ වගවීම, තත්‍ය කාලීන වාර්තාකරණය සහ සහයෝගීතා මෙවලම් හරහා විමර්ශන ක්‍රියාවලීන් නවීකරණය කිරීම අපේක්ෂා කෙරේ. පද්ධතියේ තිරසාරභාවය සහතික කිරීම සඳහා, ජපන් රජය සහ UNDP විසින් ඇමෙරිකානු ඩොලර් 202,222ක් වටිනා දෘඪාංග යටිතල පහසුකම් භාර දුන් අතර, පද්ධතියේ උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා CIABOC කාර්ය මණ්ඩලයට විශේෂිත පුහුණුවක් ද ලබා දී ඇත.මෙම ඩිජිටල් පරිවර්තනය තුළින්, CIABOC සිය මෙහෙයුම්වල ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර, එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පාලන න්‍යාය පත්‍රය සහ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ පෙළගැසී තිබේ.