එම අවස්ථාවේදී විවිධ අපරාද වලට සම්බන්ධ වැරදිකරුවන් හා වරෙන්තු කරුවන් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබුවා
එම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වැල්ලම්පිටිය විජය පාරේදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 10g 800mg සමග අත්අඩංගුවට ගෙන ඇත
මොහු පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේදී මෙම පුද්ගලයා අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ආරච්චි ලෙස සේවය කරන කරන බවට කරුණු අනාවරණය විය
මෙම පුද්ගලයා කහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන සතියකට දෙතුන් වතාවක් කාවත්ත ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ට අලෙවි කරන බවටද ඔහු ප්‍රකාශ කර ඇත
මොහු පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ඇත
මෙම පුද්ගලයා අද දින අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
අනතුරුව clean Sri Lanka වැඩසටහනට සමගාමීව 2025/01/14 දින විවිධ චෝදනාවන් යටතේ සැකකරුවන් විසි දෙකක් හා ඒ අතර වරෙන්තු කරුවන් සහ විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා.
මෙම සැකකරුවන් සියලූම දෙනා අද දින අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි