Clean sri lanka යටතේ මීගමු කලපුවට කළඑළියක්…

අනිසි ලෙස කුණු කසල බැහැර කිරීමත්, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න කොටස් නිසාත්, අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර නැවත යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට අද (01) මීගමුව ආසන සංවිධායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් විය.

කලපුව සහ එහි ඇති දූපත ඇතුලු අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරුන් clean sri lanka වැඩසටහනට සමගාමීව මීගමුව ප්‍රදේශයේ වඩාත් වැදගත් ස්ථානයක් වන මීගමු කලපුව ආකර්ෂණීය ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තය සඳහා දායක කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවද නිරත විය. ප්‍රදේශවාසීන්ගේ යෝජනා සහ අදහස් ද විමසා සිටි අමාත්‍යවරු නුදුරේදීම මීගමුව කලපුව ලස්සන පරිසරයක් බවට පත්කරන්නට කටයුතු කරන බව පැවසූහ.

අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරුන් මීගමුව, මුන්නක්කරය ප්‍රදේශයේ කුට්ටිකාඩුව භූමිය පිළිබඳ පැන නැඟී ඇති ගැටලුව පිළිබඳව ද සොයා බැලීමට එක් විය.

ප්‍රදේශවාසීන් මෙහිදී කියා සිටියේ, තමන් කුඩා කළ පටන් ක්‍රීඩා කළ මෙම භූමිය ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ද ආරක්ෂා කර දෙන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සොයා බලා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරු මෙහිදී

What's your reaction?

Related Posts

1 of 536

Leave A Reply

Your email address will not be published. Required fields are marked *