විහාරමාදය වී උද්‍යානයේ අපරිසිදු වෙළඳසැල් වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැඩි අවවාද….
වෙළඳ සැල් තුනකට නීති මගින් පියවර
……………………………………..
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ විහාර මහා දේවී උද්‍යාන පිරිසිදු කිරීම සහ එහි ඇති ආහාරපාන අලෙවි කරන ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා..
විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි අලෙවි සැල් හා වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සියලු දෙනා කැඳවා ඔවුන්ට උපදෙස් දුන්නා..
ඒ සමගම විහාර මහා දේවී උද්‍යානය කැලි කසල වලින් තොර පරිසරයක් ලෙස පිරිසිදු කළා…
මෙහිදී අපිරිසිදු ලෙස ආහාරපාන අලෙවිකරණ වෙළඳසැල් කිහිපයකට සහ අයිස් ක්‍රීම් අලෙවි කරන වෙළඳුන් කිහිප දෙනෙකුටම කොළඹ මහජන සෞඛ්‍ය නිලධාරීන් දැඩි අවවාද කරනුු ලැබුවා..
එහිදී ඉතා අපිරිසිදුව ආහාර පාන සකසන ස්ථාන තුනකට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමටයි කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේ..
clean sri lanka වැඩසටහන යටතේ මෙම පිරිසිදු කිරීම් සහ පරීක්ෂා කිරීම සිදුවුණා..
කුරුඳුවත්ත පොලිසියේ අනුයුක්ත විහාර මහා දේවී පොලිස් මුර පොළ හා සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන සිදු කළේ..
කුරුඳුවත්ත පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ නිලධාරීන්…
කුරුඳු වත්ත පොලිසියේ පරිසර නිලධාරීන්,
කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්.
සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දුන්නේ clean sri lanka වැඩසටහනහන යටතේ මෙම මෙහෙයුම් සිදු කරමින් රාත්‍රී කාලයේ දී කාලයේදී පෙළෙඳසල් පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බවයි..