clean sri lanka වැඩසටහන පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් H S K A බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පැවැත්වුණා.

අදහස් දැක්වූ ජනාධිපති ජේයෂ්ඨ අතිරේක ලේකම් G M R D අපොන්සු මහතා,……..
සමාජ,පාරිසරික,ආචාර ධර්ම ඇතුළු ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක වැඩසටහනක්.

අදහස් දැක්වූ ජනාධිපති අතිරේක ලේකම් S P C සුගීස්වර මහතා ,……..
ක්ලින් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පිළිබඳව අදහස් දක්වනවා. දිගු කාලීන අරමුණු සහිත වැඩසටහනක්.
පාසල් දහසක් තෝරා ගෙන සිසු දරුවන් ගොඩනැගීම සඳහාද වැඩසටහනක් ක්‍රියාත්මකයි.

අදහස් දැක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ගුණසේකර මහතා,………
සුන්දර වෙරළක් -ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් තේමාව යටතේ වැඩසටහන් පෙළගස්වා තිබෙනවා. එහි සමාරම්භය හෙට දින කොළඹ කාක දූපතේදී අගමැතිනිය ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් නිලධාරීන් සඳහන් කරන්නේ,…
සමාජයේ පවතින වැරදි ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් දුරලිම සඳහා දීර්ඝකාලීන වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවයි. මේ සඳහා පාසැල් දරුවාගේ සිට ආචාර ධර්ම යළි ගොඩනැගීමට ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක වනවා.මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදුකිරීමට අධ්‍යාපන බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා.

වෙරළ පිරිසිදු කිරීමේදී කඩ ඉවත් කිරීමේ සංකල්පයෙන් බැහැරව විකල්ප නොමැතිව ආර්ථික ක්‍රියාවලියට වෙනස්කම් සිදු කරන්නේ නොමැති බවත් සඳහන් කරනවා
clean sri lanka රජයන් මාරු වන විට නතර නොකරන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහනක්.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *