ජනාධිපති අනුර දිසානායක මහතාගේ අදහසකට අනුව ක්රියාත්මක ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන අද දින සිට දිවයිනේ සියලුම බන්ධනාගාර ආශ්රිතව ක්රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුර ආශ්රිතව ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන ක්රියාත්මක වූ අතර ඒ සඳහා බන්ධනාගාර ගත රැඳවියෝ මෙන්ම නිලධාරියෝද එක්ව සිටියහ. පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ බන්ධනාගාර අධිකාරි සුපුන් පෙරේරා මහතා සඳහන් කළේ අක්කර 90 ක භූමි භාගයකින් සමන්විත එළිමහන් සිර කඳවුර මෙන්ම සිර කඳවුර ආශ්රිතව ඇති මහවැලි ගංගාව හා දෙපස ඉවරු පිරිසිදු කිරීම මේ වැඩසටහන සමගාමීව ක්රියාත්මක වන බවය.