ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංස්ථාවේ මිලට සමාන වන සේ ඉහළ දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එය රුපියල් 443ක් ලෙස සටහන් වේ.මීට අමතරව පෙට්‍රල් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 455ක් වේ. භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 255ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
























