CPC සේවකයින්ගෙන් රුපියල් මිලියන 16ක දැවැන්ත පරිත්‍යාගයක්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) එක්ව මෙරට සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ මූල්‍ය දායකත්වයක් ලබා දී ඇත. ඒ අනුව, ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා රුපියල් මිලියන 16ක මුදලක් ඊයේ (24) නිල වශයෙන් පිරිනමන ලදී. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත මෙම පරිත්‍යාගය භාර දුන්නේ සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර යන මහත්වරුන් විසිනි.​මෙම අරමුදල තර කිරීම සඳහා වත්මන් සේවකයින් මෙන්ම සංස්ථාවේ විශ්‍රාමිකයින්ගේ සංගමය ද සක්‍රීයව දායක වීම විශේෂත්වයකි. සේවකයින් ස්වේච්ඡාවෙන්ම තම මාසික වැටුපෙන් දිනක සිට දින 15ක් දක්වා වූ වේතනයක් මේ වෙනුවෙන් කැප කර තිබේ. රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීමට රාජ්‍ය අංශයේ සේවකයින් දක්වන මෙම කැපවීම මෙහිදී කාගේත් ඇගයීමට ලක්විය.​මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සේවකයින් දිරිමත් කළ වෘත්තීය සමිති නායකයින්ට සහ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බලශක්ති අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය. සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම පරිත්‍යාගය, රට ගොඩනැගීමේ කාර්යයේදී රාජ්‍ය ආයතන සතු වගකීම මැනවින් පිළිබිඹු කරන්නකි.

What's your reaction?

Related Posts

1 of 911

Leave A Reply

Your email address will not be published. Required fields are marked *