අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන විවිධ Dating Apps සහ සමාජ මාධ්‍ය හරහා මිතුරු ඇසුර, ප්‍රේම සම්බන්ධතා හෝ විවාහය අපේක්ෂා කරන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් නව මූල්‍ය වංචා රැල්ලක් ක්‍රියාත්මක වන බවට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් කර තිබේ.මෙම ජාවාරම්කරුවන් මුලදී ඉතා ආකර්ෂණීය අයුරින් පණිවිඩ හුවමාරු කරගනිමින් වින්දිතයන්ගේ විශ්වාසය දිනාගන්නා බව පොලිසිය පෙන්වා දෙයි. පසුව, ෆේස්බුක්, වට්ස්ඇප් සහ ටෙලිග්‍රාම් වැනි ජනප්‍රිය යෙදුම් හරහා සම්බන්ධ වී, විවිධ විශේෂ ජංගම යෙදුම් බාගත කරගන්නා ලෙස බලපෑම් කරමින් පුද්ගලයන් උගුලට හසුකර ගනු ලබයි.එලෙස බාගත කිරීමට සලස්වන ඇතැම් අනාරක්ෂිත යෙදුම් සහ හඳුනා නොගත් මූලාශ්‍රවලින් ලැබෙන Android APK ගොනු හරහා බැංකු පරිශීලක නාම, මුරපද සහ දුරකථනයේ රහස්‍ය දත්ත සොරකම් කිරීමට අනිෂ්ට මෘදුකාංග ක්‍රියාත්මක විය හැකිය. එබැවින්, නොදන්නා පාර්ශ්වයන් එවන සබැඳි ක්ලික් කිරීමෙන් වැළකෙන ලෙසත්, කිසියම් සැකකටයුතු තත්ත්වයක් මතුවුවහොත් වහාම තම බැංකුව හා පොලිසිය දැනුවත් කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.



























