නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද eBus Sewa යෝජනා ක්‍රමය සමඟින් ඉන්දියාව 2026 වන විට නගර 169ක් පුරා විදුලි බස්රථ 10,000ක් සහ 2029 වන විට බස් රථ 40,000ක් යෙදවීමට ඩොලර් බිලියන 2.4ක් ආයෝජනය කර ඇත. ඉන්දියානු නගර අතර🚍💨 දිල්ලි නගරය ධාවනය වන ඊ-බස් රථ සංඛ්‍යාවෙන් ඉදිරියෙන් සිටින අතර,2024 අවසාන වන විට 1,800ක ඉලක්කය සම්පූර්ණ කරන ලදී. තවද, ඩොලර් බිලියන 1.3 ක දිරි දීමනා යෝජනා ක්‍රමයක් සමගින් විදුලි බස් රථ නිෂ්පාදන සමාගම් සමග EV භාවිතා කිරීම සහ බස් රථ නිෂ්පාදනය දිරි ගන්වමින් වැඩපිළිවෙළක් ඉන්දියාව පුරා ක්‍රියාත්මක කර ඇත.