Edo pro 2024 අද දින ශ්‍රි ලන්කා පදනම ආයතනයදි පැවැත්වුණි .

2024 වර්ෂයේදී අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ අභිවෘධිය උදෙසා නොමිලේ පවත්වන ප්‍රවින ආර්ථික විද්‍යා දේශක කසුන් ලියනගේ මහතා විසින්’Edu-Pro 2024 උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා දින පෙ.ව 8.00 සිට ප.ව. 1.30 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි .

500 කට අධික සිසුන් පිරිසක් සම්බන්ද වන මෙම වැඩසටහන සඳහා දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාල 05 ක කළමනාකරණ පීඨ ප්‍රධානීන් සහ විෂය ක්ෂේත්‍ර 03 ක වෘතිකයින් සම්පත් දායකත්වයෙන් සහභාගී වුනි .

මේ සඳහා එක් වූ දේශක මඩුල්ල

  1. මහාචාර්ය. (ආචාර්ය) දුෂාන් ජයවික්‍රම – පීඨාධිපති, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨය (USJP)
  2. මහාචාර්ය. H.M නිහාල් හෙන්නායක – පීඨාධිපති, කළමනාකරණ සහ මුල්‍ය පීඨය (UOC)
  3. මහාචාර්ය. බණ්ඩාර වන්නිනායක – පීඨාධිපති, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය (UOK)
  4. මහාචාර්ය. G.Dinesh Samarasinghe – පීඨාධිපති, ව්‍යාපාර පීඨය (UOM)
  5. මහාචාර්ය නලින් අබේසේකර – පීඨාධිපති, කළමනාකරණ අධ්‍යයන පීඨය (OUSL)
  6. Mr. ජූඩ් මාර්ටිනෝ – සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හි බීම ප්‍රධානී, ජේකේඑච් හි උප සභාපති
  7. Mr. සුනෙත් ​​කොටුතැන්න – සැපයුම් දාම අධ්‍යක්ෂ, හේමාස් ෆාමසියුටිකල්ස්
  8. මහත්මිය. ඉනෝකා ඩයස් – ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මානව සම්පත්), Virtusa

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *