2024 වර්ෂයේදී අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ අභිවෘධිය උදෙසා නොමිලේ පවත්වන ප්‍රවින ආර්ථික විද්‍යා දේශක කසුන් ලියනගේ මහතා විසින්’Edu-Pro 2024 උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා දින පෙ.ව 8.00 සිට ප.ව. 1.30 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි .
500 කට අධික සිසුන් පිරිසක් සම්බන්ද වන මෙම වැඩසටහන සඳහා දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාල 05 ක කළමනාකරණ පීඨ ප්‍රධානීන් සහ විෂය ක්ෂේත්‍ර 03 ක වෘතිකයින් සම්පත් දායකත්වයෙන් සහභාගී වුනි .
මේ සඳහා එක් වූ දේශක මඩුල්ල
- මහාචාර්ය. (ආචාර්ය) දුෂාන් ජයවික්‍රම – පීඨාධිපති, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨය (USJP)
- මහාචාර්ය. H.M නිහාල් හෙන්නායක – පීඨාධිපති, කළමනාකරණ සහ මුල්‍ය පීඨය (UOC)
- මහාචාර්ය. බණ්ඩාර වන්නිනායක – පීඨාධිපති, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය (UOK)
- මහාචාර්ය. G.Dinesh Samarasinghe – පීඨාධිපති, ව්‍යාපාර පීඨය (UOM)
- මහාචාර්ය නලින් අබේසේකර – පීඨාධිපති, කළමනාකරණ අධ්‍යයන පීඨය (OUSL)
- Mr. ජූඩ් මාර්ටිනෝ – සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හි බීම ප්‍රධානී, ජේකේඑච් හි උප සභාපති
- Mr. සුනෙත් කොටුතැන්න – සැපයුම් දාම අධ්‍යක්ෂ, හේමාස් ෆාමසියුටිකල්ස්
- මහත්මිය. ඉනෝකා ඩයස් – ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මානව සම්පත්), Virtusa