Elon Musk හමුවු ජනපති රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබේ.

ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය.

එහිදී ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ.

ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *