FACTS SRI LANKA 2025 අන්තර් ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොළඹ සිනමන් ගෑන්ඩ් හෝටල් පරීශ්‍රයේ දී

මැණික් හා ස්වර්ණාභරණ සංගමය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්ව සංවිධානය කරනු ලැබු FACETS SRI LANKAN අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යය විජිත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. අද දින ආරම්භ වුණ මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය එළැඹෙන හයවෙනිදා දක්වා ක්‍රියාත්මක වන අතර මේ සඳහා දෙස් විදෙස් මැණික් ව්‍යාපාරිකයින් සහභාගි වී සිටියා. රත්නපුර, බේරුවල, ගාල්ල ,ඇහැලියගොඩ සහ කොළඹ යන ප්‍රදේශවල මැණික් කර්මාන්තකරුවන්ට මෙම ප්‍රදර්ශනයේ වැඩි ඉඩ කඩක් ලබා දී තිබෙනවා. දේශීය ශිල්පීන්ට හා ගැනුම්කරුවන්ට, අපනයනකරුවන් සහ ආයෝජකයින්ට මෙම ප්‍රදර්ශනය එකිනෙකා හඳුනා ගැනීම සඳහා බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *