කොළඹ මැචස්ටර් පාපන්දු පුහුණු ඇකඩමිය විසින් සංවිධානය කළ. FFSL President’s Youth 2025 තරුණ පාපන්දු ලීග් තරගාවලිය ඊයේ 01-13) උදෑසන ආරම්භ වුණා .
තරඟ පැවැත්වෙන්නේ කොළඹ තුරග තරග පිටියේදී.
ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කළ යුතුයි කියන සංකල්පයකට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කර තිබෙන ලෙස සංවිධායක මඩුල්ල පැවසිය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි පාපන්දු ඇකඩමී කණ්ඩායම් හතක සහභාගිත්වයෙන් 14 පහළ 16 පහළ කාණ්ඩ දෙක යටතේ මෙම ලීග් තරගාවලිය පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.
පෙබරවාරි මස 22වෙනිදා තෙක් මෙම ලීග් තරගය වට හයකින් තරඟ හතළිස් දෙකක් පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේදී ඊයේ දිනයේදී තරඟ දොළහක් නැවැත්වුණා.
එහිදී 14න් පහළ තරඟය හයක් සහ දාසයෙන් පහළ තරඟය හයක් පැවැත්වුණා.
ඉදිරියේදී කොළඹ තුනක තරග පිටිය බැද්ද ගාන පාපන්දු ක්‍රීඩා පිටියේ දී තරඟ පැවැත්වීමට නියමිතයි.
අවසන් තරගය පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ජයග්‍රාහි කණ්ඩායම් සඳහා මුදලින් රුපියල් ලක්ෂයක් අනුශූරතාවය සඳහා පනස්දාහක මුදලක් මෙහිදී ප්‍රධානය කෙරෙනවා.