හිටපු ඇමති එස්.එම්ට ඇප

  දිලිදු  ගොවීන්ට ලබාදීමට තිබූ බඩ ඉරිගු බීජ තොගයක් නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව  2014 වසරේ පැවති  ජනාධිපතිවරණය සඳහා වාසි සලසා ගැනීම උදෙසා තම අතිමතය පරිදි තමන්ගේ පාක්ෂිකයන් හා හිතවතුන් අතර බෙදා හැරීම නිසා දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනා.

අද දින ඇප අයදුමක් මත ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිදහස් කරනු ලැබුවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *