2025/03/15 වන පැය 0450 ට පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වෙහෙරගොඩැල්ල ජබොස් ලේන් ප්‍රදේශයේ දී පුද්ගලික ආවරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.
මෙම ගැටුම දුරදිග යාමෙන් එම්. යාසීර් (අවු 23) සහ එස්. මධුසංක (අවු 23 ) යන අයවනුන් බරපතල කැපුම් තුවාල හේතුවෙන් මිය ගොස් ඇති බවට කොළඹ ජාතික රෝහල මගින් දැනුම් දී තිබෙනවා.
මෙම සිදුවීමට
වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ විනෝ (අවු 24 ) අහිශෙක් ( 27) යන අයවලුන් සම්බන්ධ බවට තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.