HNB Finance ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සැණකෙළිය මෙවරත් ඉතා උද්යෝගිමත් අයුරින් කොළඹ තුර්ස්ථාන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය. දිවයින පුරා විසිරී සිටින ශාඛා ජාලය නියෝජනය කරමින් සේවක සේවිකාවන් දහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ක්‍රිකට් සහ වොලිබෝල් ඇතුළු ජනප්‍රිය ක්‍රීඩා ඉසව් රැසකින් එදින ක්‍රීඩාංගණය වර්ණවත් විය. සේවකයින් අතර සහයෝගීතාවය සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.ආයතනික බැඳීම ශක්තිමත් කරමින් පැවැත්වූ මෙම ක්‍රීඩා උළෙල පිළිබඳව අදහස් දක්වමින් HNB Finance ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ප්‍රකාශ කළේ, කාර්යාලීය රාමුවෙන් බැහැරව සේවකයින්ගේ සැඟවුණු දක්ෂතා ඔප්නැංවීමට මෙවැනි අවස්ථා මහඟු පිටුවහලක් වන බවයි. ජයග්රාහකයින්ට ඇගයීම් සහ සම්මාන පිරිනැමීමෙන් අනතුරුව, සේවක සුහදතාවය මැද එදින කටයුතු නිමාවට පත් විය.

























