ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට

2024 වසර සඳහා ICC නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2024 වසරේ විශිෂ්ට පිතිකරණ දක්ෂතා දැක්වීමට සමත් වූ කමිඳු ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග රටා ත්‍රිත්වයෙන්ම ලකුණු 1451ක් ලබා ගැනීමට සමත්ව තිබේ. වුනේ විශිෂ්ට පිතිකරණ සාමාන්‍යයක් ද සහිතවයි.

2024 වසරේදී ටෙස්ට් තරග 09ක් තුළ සාමාන්‍ය 74.92ක් ද සමගින් ලකුණු 1049ක් වාර්තා කිරීමට කමිඳුගේ සමත්වීම විශේෂත්වයකි.

ඔහු විසින් ටෙස්ට් ශතක පහක් මෙන්ම අර්ධ ශතක තුනක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, ලොව වේගයෙන් ම ටෙස්ට් ලකුණු 1000 සීමාවට පැමිණි තෙවැන්නා ලෙස ද පත්වීමේ හැකියාව ඔහුට ලැබිණි.

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *