ICC වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක ක්‍රිකට් කණ්ඩායම නම් කරයි,ශ්‍රී ලංකාවේ චමුදි ප්‍රබෝදා කණ්ඩායමට..

ශ්‍රී ලංකාවේ චමුදි ප්‍රබෝධා ICC වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක ක්‍රිකට් කණ්ඩායමට නම් කර තිබේ.

අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්ගෙන් මෙම ICC ලෝක කණ්ඩායම නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ චමුදි ප්‍රබෝධා ඊට එක් කර ඇත්තේ, වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක් ලෙස තරගාවලිය තුළ ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි.

ඇය මෙම තරගාවලියේ තරග 4කදී කඩුලු 9ක් බිඳ දමා තිබේ.

ඒ, 6. 33ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යක් පවත්වා ගනිමින්.

15 හැවිරිදි චමුදි, මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.

What's your reaction?

Related Posts

1 of 574

Leave A Reply

Your email address will not be published. Required fields are marked *