ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන Informatics Institute of Technology (IIT) ආයතනය සංවිධානය කළ “IIT Career Day 2026” වෘත්තීය ප්‍රදර්ශනය කොළඹ BMICH පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. 15 වන වරටත් සංවිධානය වූ මෙම දැවැන්ත වෘත්තීය හමුව හරහා උපාධිධාරීන් සහ අභ්‍යාසලාභීන් 1,800කට අධික පිරිසකට මෙරට ප්රමුඛ පෙළේ ආයතන සමඟ සෘජුව සම්බන්ධ වෙමින් තම වෘත්තීය සිහින සැබෑ කර ගැනීමට අගනා අවස්ථාවක් උදා විය.වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, අනාගත ලෝකයට ගැළපෙන කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් බිහිකිරීමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන සඳහා දිවයිනේ ප්‍රමුඛතම සමාගම් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටීම විශේෂත්වයකි. තාක්ෂණික විශේෂඥතාව, වෘත්තීය විනය සහ ගෝලීය දැක්ම වැනි සුවිශේෂී ගුණාංගවලින් සන්නද්ධ IIT උපාධිධාරීන් සඳහා ක්ෂේත්රයේ පවතින ඉහළ ඉල්ලුම මෙම අවස්ථාවේදී මනාව පිළිබිඹු වූ අතර, ආයතනික සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය.දිනෙන් දින වෙනස් වන ගෝලීය රැකියා වෙළඳපොළ ජය ගැනීම සඳහා අවශ්‍ය ගුණාත්මක පුහුණුව සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට IIT ආයතනය දක්වන කැපවීම මෙම “IIT Career Day 2026” හරහා නැවතත් තහවුරු විය. ජාතික සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබා දිය හැකි, අනාගතයට සූදානම් වෘත්තිකයන් පිරිසක් ක්ෂේත්රයට හඳුන්වා දීමට සමත්වීම හරහා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස IIT තැබූ තවත් සාර්ථක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
























