ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය 2026 පෙබරවාරි 16 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කර ඇත. මෙම සංචාරය අතරතුර ඇය රජයේ නියෝජිතයින් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම සොයා බැලීමට ද නියමිතය. එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහාය විය හැකි ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.


























