ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සමාලෝචනය කිරීමට සහ මෑතකදී ඇති වූ ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහයෝගය පළ කිරීමට ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ජනවාරි 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී IMF ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා මේ බව තහවුරු කළ අතර, ඇයගේ සංචාරය හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඇගයීමට මෙන්ම විපතට පත් ප්‍රජාවන් වෙත සෘජු සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය. කොළඹින් බැහැර ප්‍රදේශවල සංචාරය කරමින් ජනතාවගේ සැබෑ තත්ත්වය සහ ගංවතුරින් සිදු වූ හානිය පිළිබඳව අත්දැකීම් ලබාගත් ශ්‍රීනිවාසන් මහතා, රජය ක්‍රියාත්මක කරන පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාව තුළ පවතින ප්‍රසාදය ද අගය කළේය. මුලින් සැලසුම් කළ පරිදිම කලාපීය IMF රැස්වීම මෙරටදී පැවැත්වීමට තීරණය කළේ ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සැමවිටම සිටින බවට වූ සහයෝගීතාවය ප්‍රදර්ශනය කිරීමට බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


























