IMF මීළඟ ණය වාරිකය නිදහස් කිරීම කල් යයි ?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ මීළඟ වාරිකය ලබා දීම දින නියමයක් නොමැතිව කල් යන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා සඳහන් කරනවා.

ණය වාරිකය මුදා හැරීමට සපිරිය යුතු කොන්දේසි මෙතෙක් සපුරා නොමැති වීම එයට හේතුව ලෙස සඳහන්. එම ණය මුදල මුදා හැරීමට මේ වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබුණත් ඒ සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය මෙතෙක් ලැබී නැහැ.

විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට පෙර පිරිවැය මත මිල තීරණය වන විදුලි ගාස්තතුවක් හඳුන්වා දීම කල යුතු වනවා. එසේම අප්‍රේල් මාසය අවසාන වන විට තීරැ බදු ක්‍රමය හඳුන්වා දීමට ද නියමිතව තිබුණා.

මෙම කාරණා දෙකම සම්පූර්ණ වී නොමැති බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානියාද මාධ්‍ය අමතමින් මෙම කරුණු සම්බන්ධයෙන් අවධාරණය කිරීමට කටයුතු කර තිබෙනවා. 

What's your reaction?

Related Posts

1 of 709

Leave A Reply

Your email address will not be published. Required fields are marked *