IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, ඇය 2026 පෙබරවාරි 16 සිට 18 දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරය අතරතුර ජෝර්ජියේවා මෙනෙවිය රජයේ නියෝජිතයින් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවී සාකච්ඡා පවත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​මීට අමතරව, සුළි සුළඟින් සිදු වූ බලපෑම පිළිබඳව නිරීක්ෂණය කිරීමට ද ඇය කටයුතු කරනු ඇත. එමෙන්ම, විපතට පත්වූවන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා මූල්‍ය අරමුදලට සහාය විය හැකි ආකාරය සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට දායක විය හැකි ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *