(LGC) සේවා යථා තත්ත්වයට: දත්ත සුරක්ෂිතතාවට හානියක් නෑ!

​ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ප්‍රකාශ කළේ, මෑතකදී (LGC) සේවාවන්ට බාධා ඇති කළ තාක්ෂණික ගැටලු සම්පූර්ණයෙන්ම විසඳා ඇති බවත්, බලපෑමට ලක්වූ සියලුම ඔන්ලයින් රජයේ වේදිකා මේ වන විට ක්‍රියාත්මක වන බවත්ය.​මෙම සිද්ධිය අතරතුර කිසිදු අවස්ථාවකදී දත්තවල ආරක්ෂාවට හෝ අඛණ්ඩතාවට හානියක් සිදු නොවූ බව ICTA ආයතනය සහතික කරයි. “ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය පුරාවට, ඉහළම දත්ත ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගෙන ගිය අතර, කිසිදු දත්ත අලාභයක් වාර්තා වී නැත” යනුවෙන් එම ආයතනය සඳහන් කළේ, ප්‍රතිසාධනයේ වේගයට වඩා දත්ත සුරක්ෂිත කිරීමේ ක්‍රියාපටිපාටිවලට ප්‍රමුඛත්වය දුන් බව අවධාරණය කරමිනි.​ප්‍රතිසාධන කාලය තුළ සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් රජයේ ආයතන වෙත ද, ඉවසීමෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මහජනතාවට ද ICTA ආයතනය සිය අගය පළ කළේය.​සේවා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ, ක්ෂණික සහයෝගය සහ තාක්ෂණික විශේෂඥ දැනුම ලබා දීම සම්බන්ධයෙන් ICTA ආයතනය සිය කාර්මික හවුල්කරුවන්ට ද ස්තූතිය පුද කළේය. මෙම කඩිනම් ප්‍රතිචාරය මගින් මහජන සේවාවේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා වූ ශක්තිමත් කැපවීමක් පෙන්නුම් කළ බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.​මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ICTA ආයතනය සඳහන් කළේ, බාධා ඇති වූ අවස්ථාවේදී නව LGC පරිසරය වෙත සැලසුම් කර තිබූ සංක්‍රමණය (migration) ආරම්භ කර නොතිබූ බවයි. සංක්‍රමණය සඳහා වූ සූදානම් කිරීමේ කටයුතු, පද්ධති අක්‍රිය වීම හා සම්බන්ධ නොවන අතර, ප්‍රතිසාධන ක්‍රියාවලියට සමගාමීව සිදු කෙරුණු බවද එම ආයතනය පැවසීය.

What's your reaction?

Related Posts

1 of 800

Leave A Reply

Your email address will not be published. Required fields are marked *