Mustangs සටනට සැරසෙයි: රාජකීය – ශාන්ත තොමස් නිල ඇඳුම් සහ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි!

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ප්‍රමුඛතම එක්දින ක්‍රිකට් ගැටුම වන 49 වන “මස්ටැන්ග්ස් කුසලාන” (Mustangs Trophy) තරගයට අදාළ නිල ඇඳුම් සහ අනුග්‍රාහකත්ව ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අබාන්ස් (Abans) ආයතනය කටයුතු කරන අතර, රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා සහ ශාන්ත තොමස් විද්‍යාලයේ විදුහල්පති අසංක පෙරේරා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් සහ දෙපාසලේම සිසුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. දෙපාසල් ක්‍රීඩකයන්ගේ දස්කම් විදහා දැක්වෙන මෙම තීරණාත්මක එක්දින සටන එළඹෙන මාර්තු 28 වනදා කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,074

Leave A Reply

Your email address will not be published. Required fields are marked *