කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි ගායක නී-යෝ (Ne-Yo) ගේ සජීවී සංගීත ප්‍රසංගය කල් දැමූ බව එහි සංවිධායක මණ්ඩලය වන Brown Boy Presents ආයතනය ඊයේ නිවේදනය කළේය. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් සංවිධායකයින් පවසා සිටියේ, ඔවුන්ගේ පාලනයෙන් බැහැර වූ සහ බලාපොරොත්තු නොවූ කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.ප්‍රවේශපත්‍ර මිලදී ගත් රසිකයන් හට ඒ සඳහා ගෙවූ මුදල් PickMe ඇප් එක හරහාම නැවත ලබාදීමට කටයුතු කරන බවට සහතික වී ඇති අතර, ප්‍රසංගය පවත්වන නව දිනයක් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. මෙම සිදුවීම නිසා රසිකයන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව Brown Boy Presents ආයතනය සිය කණගාටුව පළ කර සිටින අතර, ඉදිරි තොරතුරු කඩිනමින් දැනුම් දෙන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

























