Nippon Foundation මගින් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන රැසක්

රී ලංකාව හා ජපානය අතර පවතින ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමටත් මෙරට සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුලු අංශ රැසකට ඉදිරියේදී සහය ලබා දීමට අපේක්ෂා කරන බවත් ජපානයේ Nippon Foundation හි  වත්මන් සභාපති Yohei Sasakawa මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

ජපානයේ Nippon Foundation මගින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ඉදිකළ පාසල්වල ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා සභාපතිවරයා ඇතුලු දූත පිරිසක් පසුගියදා මෙරටට පැමිණ තිබේ.

මෙම පළාත්වල පාසල් 105 කට ආසන්න සංඛ්‍යාවක් මෙම පදනමේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකර ඇති අතර තවත් පාසල් ඉදිකිරීමට සහ ප්‍රතිසංස්කරණයට මූල්‍ය දායකත්වය ලබා දෙන බව එම සාකච්ඡාවට එක්වෙමින් Sasakawa මහතා පෙන්වා දුන්නේය.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සංවර්ධනයට මෙන්ම ළාදුරු තුරන් කිරීම වෙනුවෙන් ද සහය දැක්වීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වර්ෂ 2030 වනවිට ශ්‍රී ලංකාවෙන් ළාදුරු රෝගය තුරන් කිරීමට අවශ්‍ය දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් මෙම පදනම සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා ඇති බව මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *