O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තැන් කිහිපයකින් පැමිණිලි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අද (09) පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිට වී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් තහවුරු නොවන බවත් නමුත් කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක විභාගවලට පෙනී සිටින දරුවන් කිහිප දෙනෙකු හොරෙන් සගවාගෙන සිටි දුරකථනවලට WhatsApp මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමට උත්සාහ කර තිබෙන බවට තහවුරු වූ බවත් විභාග කොමාසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර හිරුට සඳහන් කර සිටිනවා.

මේ පිළිබඳව මේ ව්න විට පොලීසියට පැමිණිලි කර ඇති අතර එම සිසුන්ට එරෙහිව උපරිම නීතියානුකූල පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

විභාග කොමාසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ හසලක ප්‍රදේශයේ ද මේ ආකාරයේ ම සිද්ධියක් වාර්තා වූ බවත් ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ සිදුවීම පිළිබඳව තමන් හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද ඔහු සඳහන් කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *