බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පැවසීය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 55 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකිය.
අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර මධ්‍යස්ථ තද සුළං ඇති විය හැකිය.
තද සුළං හේතුවෙන් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.