‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට (13) නිල වශයෙන් ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) මෙම සමාරම්භක උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.ආපදා පසුකාලීන පුනරුත්ථාපන සහ ප්‍රතිසාධන ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා මනා සම්බන්ධීකරණයකින් යුතු ජාතික යාන්ත්‍රණයක අවශ්‍යතාව මෙහිදී මූලික වී ඇත. ඒ අනුව, විසිරී පවතින සහන සේවා ඒකාබද්ධ කරමින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනීම මෙම නව වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයයි.මෙම ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ නායකත්වයෙන් යුත් 25 දෙනෙකුගෙන් සමන්විත විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ද දැනටමත් පිහිටුවා තිබේ. මෙයට අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළත් වන අතර, දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ගේ සහ පෞද්ගලික අංශයේ දායකත්වය ද මීට ලබා ගැනීමට නියමිතය.වැඩපිළිවෙළේ විනිවිදභාවය සහ ප්‍රගතිය තහවුරු කිරීම සඳහා ප්‍රධාන කමිටුවට අමතරව විශේෂිත උප කමිටු කිහිපයක් ද ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. එමගින් ගන්නා තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ සාර්ථකත්වය අඛණ්ඩව අධීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.


























