RMV එකට හදිසියේ පැන්න අල්ලස් නිලධාරීන්…

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට පත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තුන් දෙනෙකු ලබන ජුනි මස 6 වැනිදා දක්වා බන්ධනාගාරගත කෙරිණි.

ඒ ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්, නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

ඔවුන් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන, රුපියල් ලක්ෂ 40 ක මුදලක් ද, අල්ලස් කොමිසම භාරයට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *