She Trades Sri Lanka Hub ආරම්භ කිරීම සනිටුහන් කිරීම සහ She Trades Hub ජාත්‍යන්තර ජාලය හා ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාරිකයන්ට ඇති ද්‍රයෝජන පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබුණා..
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා කාන්තා ව්‍යාපාරිකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ වෙත පිබිසීමේ පහසුකම් ලැබෙන අතර ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට හා දියුණුවට අවශ්‍ය සියලු සහය මෙයින් ලබාගත හැකි වනවා..
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය එක්ව මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා..
මේ සඳහා මූල්‍ය සහාය ලබා දෙනු ලබන්නේ එක්සත් රාජධානියේ අන්තර්ජාතික සංවර්ධන අරමුදල මගින්..
මෙම වැඩ පිළිවෙළ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළඳ වැඩසටහන් අතර ප්‍රමුඛ වැඩසටහන්වලින් එකක් වන අතර එය කාන්තාව ව්‍යාපාරිකයින් සහ වෙළඳ ක්ෂේත්‍රය තුළ සියලු පාර්ෂකරුවන්ට සහාය ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථික හැකියාවන් පුළුල් කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දෙනු ලබනවා..
බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් andrew petric මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා
මෙහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ අග්‍රාමාත්‍යය හරිනී අමරසූරිය මහත්මිය විසින්.
ශ්‍රී ලංකා පනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමක්ද මෙහිදී අත්සන් කරනුු ලැබුවා..