STF නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලෙස පෙනී සිටිමින් 2024 වසරේ ජනවාරි 10වැනිදා පුද්ගලයෙක් රැගෙන ගොස්  ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කොරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34 පුද්ගලයෙකි.

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සිද්ධියට අදාළ සැකකරු ඩුබායි රටට පලා ගොස් ඇති බවයි.

ඒ අනුව, සැකකරු සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට ලබා දී තිබූ අධිකරණ නියෝගයක් අනුව නැවත පැමිණීමේදී ගුවන්තොටුපොළ පර්යන්තයේදී අදාළ සැකකාර පුද්ගලයා හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *