T20 ලෝක කුසලාන උණුසුම: ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක්!

අද රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 2026 ICC පන්දුවාර 20 ලෝක කුසලාන තරගය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. මේ සඳහා විශාල දේශීය හා විදේශීය ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ග්‍රෑන්ඩ්පාස් පාර, බ්‍රිටෝ බාබපුල්ලේ පාලම මංසන්ධිය, මාලිගාවත්ත පටුමග සහ සද්ධර්ම මාවත ඇතුළු ක්‍රීඩාංගණයට පිවිසෙන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ. ඒ වෙනුවට ග්‍රෑන්ඩ්පාස් මැටි පාර්ක්, සතොස රථගාල, ඇපල් වත්ත සහ 100 අඩි පාරේ දෙපස ඇතුළු ස්ථාන කිහිපයක රථවාහන නැවැත්වීමේ පහසුකම් සලසා ඇත. ආරක්ෂක පියවරක් ලෙස ක්‍රීඩාංගණය තුළට විශාල බෑග්, වීදුරු බෝතල්, ඩ්‍රෝන යානා, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් රැගෙන ඒම සපුරා තහනම් වන අතර, සී.සී.ටී.වී (CCTV) කැමරා සහ විශේෂ සෝදිසි කිරීම් මගින් ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,026

Leave A Reply

Your email address will not be published. Required fields are marked *