“Tansuo 3” සිය මංගල ගමන අරඹයි

ගැඹුරු හා ඈත මුහුදේ බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන චීනයේ නිෂ්පාදීත “Tansuo 3” ඊයේ(26) චීන‍යේ Guangzhou නගරයේ Nansha හිදී සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

මෙය, සමස්තයක් ලෙස පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදේ කලාපයන් හි ගවේෂණය සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්‍ය කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, විද්‍යා ගවේෂණ නෞකාවයි.

එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

“Tansuo 3” නෞකාවේ දිග මීටර් 104 ක් පමණ වන අතර, එහි ජලෝත්පීඩන පරිමාව ටොන් දස දහසක් පමණ වනවා.

මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලියට චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්වවිද්‍යාල දායක වී තිබෙනවා.

නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කෙන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම සිදු කළ හැකි පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු තාක්ෂණ හැකියාවන් පිළිබඳ දුෂ්කරතා ජයගැනීමට සමත්ව තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *