ඕමානයේ ඉන්දියන් සාගර සමුළුවේදී කළ කතාවෙන් පසු, ගෝලීය බල තත්ත්වය කුමක්දැයි ඇතැමුන්ට දැන ගැනීමට අවශ්‍ය වුණා.
2050 වෙනවිට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය වශයෙන් බලවතුන් තුන් දෙනෙකු බිහිවන බව මා කිව්වා.
ඉතින් අපේ විදේශ ප්‍රතිපත්තිය පදනම් විය යුත්තේ මේ රටවල් සමඟ කටයුතු කරන ආකාරය මතයි.අපට එතනින් පිට ඉන්න බැහැ.
වර්තමානයේ වැදගත්ම කාරණය වන්නේ කුමක් ද?
රුසියා ,යුක්රේන යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමඟ ගෝලීය දේශපාලනය වෙනස් වීමක් ඇති වී තිබෙනවා.එයට තවත් සමහර යුරෝපීය රටවල් විරුද්ධ වුණා. ඒ වගේම පසුගිය කාලයේ වූ දේ ලංකාවටත් බලපාන නිසා ඒ ප්‍රශ්නය මතු කළ යුතු යයි මා සිතුවා.
ඔබ සියලු දෙනාම තත්ත්වය දන්නවා.ලෝකයේ විවිධ රටවල විවිධ මත දරනවා.
රුසියාව, යුක්රේනය සෘජුවම ආක්‍රමණය කිරීම සමහරුන් අනුමත කළා. මෙය වඩාත් සංකීර්ණ ප්‍රශ්නයකැයි ඇතැමුන් විශ්වාස කළා. යුක්රේනය රුසියාවේ කොටසක් විය යුතු යයි තවත් සමහරුන් සිතුවා.
මේ පසුබිම තුළයි යුද්ධය දිග් ගැස්සුනේ.යුද්ධය නතර වුණේ නැහැ.විශේෂයෙන්ම ජනාධිපති බයින්ඩන් යටතේ සැලකිලිමත් වූ ප්‍රශ්නය එයයි.
ජනාධිපති ට්‍රම්ප් පැමිණ මෙය විසඳීමට උත්සාහ කිරීම සහ යුද්ධය අවසන් කරන්නේ කෙසේදැයි විමසිලිමත් විය යුතුව තිබෙනවා. රුසියාව සමඟ සටන් කිරීම පහසු දෙයක් නොවෙයි. මේ අය තම පරමාර්ථය ඉටුකර ගැනීම සඳහා හිර වී හෝ ජීවිත පරිත්‍යාග කිරීමට පුරුදු වී සිටින අයයි.
නැපෝලියන් පරාජය කිරීම සඳහා ඔවුන්ගේ අගනුවර ගිනිබත් කළා. එබැවින් මෙය පහසු නැහැ.ඒ නිසා අනෙක් යෝජනා අසාර්ථකයි.
ජනාධිපති ට්‍රම්ප් කරන්නේ කුමක්දැයි අප බැලිය යුතුය.ගැටුම් වලින් සමහරක් අවසන් කිරීමට අප උත්සාහ කිරීම වැදගත් වනවා.
ඇත්ත වශයෙන්ම, ජනාධිපති ට්‍රම්ප් මෙය බාර ගන්නා අතරතුර සමහර යුරෝපීය බලවතුන් සහ ජනාධිපති සෙලෙන්ස්කි මේ කාරණය කාරුණිකව ගෙන නැහැ.
එමෙන්ම පසුගිය දිනක ජනාධිපති ට්‍රම්ප් ජනාධිපති සෙලෙන්ස්කිව මැතිවරණ නොපවත්වන ඒකාධිපතියකු ලෙස හැඳින්වූවා.
සමහර අය සෙලෙන්ස්කිගේ ආරක්‍ෂාවට ආවා. එය යුද සමය බව පවසමින්, බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මාර් සහ මගේ මිතුරා බොරිස් ජොන්සන් යන දෙදෙනාම කියා සිටියේ යුද සමයේදී පවා ඔවුන්ට (එක්සත් රාජධානිය) මැතිවරණ නොපැවැත්විය හැකි බවයි.
පළමු ලෝක යුද්ධයේදී සහ දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කල් දැමූවා. ඔවුන් සතුව ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ.
යුක්රේනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යුද නීතිය පවතින විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු නැති බවයි. නමුත් ඔවුන් ජනාධිපති ගැන හරිම නිහඬයි.
අපි 1980 දී ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා.එකල අප රටේ උතුරේ එල්.ටී.ටී.ඊ.යත් දකුණේ ජවිපෙත් සටන් කළා.මැතිවරණය කල් දැමිය යුතුද නැද්ද? යන ප්‍රශ්නය එදා ආවා. එවිට ජයවර්ධන ජනාධිපතිවරයා කීවේ මැතිවරණ කල් දැමිය යුතු නැති බවයි. ප්‍රතිඵලය කුමක් වුවත් අපි මැතිවරණය පැවැත්විය යුතු බව ඔහු කිව්වා.
ඉතින් අප මැතිවරණ පැවැත්වූවා. ගොඩක් මිනිසුන් මැරුණා.ප්‍රේමදාස ජනාධිපතිතුමා සුළු බහුතරයකින් මැතිවරණය කළා.මේ ප්‍රතිඵලය බණ්ඩාරනායක මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළා.ඇය පැරදුණා. ඇය තීන්දුව පිළිගත්තා.
1988 මැතිවරණය තියන්න මිනිස්සු මරපු හැම කරදරයක්ම අප පසුකර ගියා. 1993 අපි පළාත් සභා මැතිවරණ තිබ්බා.ඒ ක්‍රියාවලියේදී ඇතුලත්මුදලි සහ ප්‍රේමදාස දෙන්නාම මැරුණා. 1994 දී ගාමිණී දිසානායක මහතා ඇතුළු තවත් පිරිසක් අපට අහිමි වුණා. 1999 දී බෝම්බ ප්‍රහාරය නිසා ජනාධිපති කුමාරතුංග මහත්මියගේ ඇසක පෙනීම නැති වුණා.
2005 දී ප්‍රභාකරන් උතුරේ මිනිසුන් ඡන්දය දීම වැළැක්වුවා. ඒ කොහොම වුණත් මා ඊට අභියෝග කරන්න ගියේ නැහැ.ඒක කරන්න ඕන යයි මා සිතුවේ නැහැ.
එබැවින් මැතිවරණයක් නැති නම් සහ මැතිවරණ කල් දැමීම පිළිබඳ ප්‍රතිපාදන නැති නම් මැතිවරණය පැවැත්විය යුතුය. වෙන ක්‍රමයක් නැහැ. ඒ වගේම අප රටක් විදියට ඒ හරහා ගියා.
ඒ විතරක් ද නොවෙයි ,අපට විරුද්ධව සටන් කරපු දෙමළ සටන්කාමීන් පාර්ලිමේන්තුවටත්, ආණ්ඩුවටත් ආවා. අද ආණ්ඩුව කරන්නේ දකුණේ සටනක් කළ ජනතා විමුක්ති පෙරමුණයි. ඉතින් ඒකෙන් පේන්නේ කුමක්ද?අපි මැතිවරණ තිබ්බා විතරක් නොවේ. ඒවත් ක්‍රමයට දාලා, ඒ අය ක්‍රමයේම කොටසක් කර තිබෙනවා .
යුක්රේනයේ එසේ කර නැහැ. එබැවින් ජනාධිපති ට්‍රම්ප් නිවැරදියි .
ඔවුන් යුද්ධයක් කරනවා. ඔවුන් රුසියාව සමඟ සටන් කරනවා, නමුත් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි.
දැන් මෙතන තමයි, මට ප්‍රශ්නය තිබෙන්නේ,අපට එක විදියකට සලකන අතර යුක්රේනුයානුවන්ට වෙනත් විදියට සැලකීම ඒ ප්‍රශ්නයයි.
ශ්‍රී ලංකාව පිළිබඳ (UNHRC) යෝජනාව සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැන් මේ සම්පූර්ණ ප්‍රශ්නය දෙස බැලිය යුතුයි. අපට වෙනස් ලෙස සලකන්නේ ඇයි? ඒ ගැන අපට දුකයි. අපත් යුද්ධයකට ගියා, එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාට සහතිකයක් දුන්නා,එය ඉටු කර නැහැ, මා කියන්නේ අප එය ඉටු කළ යුතුයි.
ඒ සඳහා අප පසුගිය වසරේ පියවර ගත්තා. සියලු උපදේශන සමඟ, අප සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා කොමිෂන් සභාවට එකඟ වුණා. වෙනත් නීති තිබෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ වගේම ජපානය සහ දකුණු අප්‍රිකාවේ උදව් ගෙන මේ කොමිසම නීතියට ගේන්න ඕනෑ. ඊට පස්සේ පරීක්ෂණ සහ විමර්ශන අපම කළ යුතුයි. නමුත් සිදුවී ඇති දේ දෙස බලන විට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට එන්න කියන්න අවශ්‍ය ද?
EU හෝ මෙහි නියෝජනය කරන වෙනත් රටක් හෝ සම්බන්ධ වීමට අවශ්‍ය නම්, ජාත්‍යන්තර නීතිඥ සංගමය, ICJ, අවශ්‍යයි. නමුත් ඔවුන් දේශපාලනය කරන නිසා අප යා යුතු නැතැයි කියා මා සිතනවා.
දැන් ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙලා. එබැවින් බල තුලනය වෙනස් විය යුතුයි.BRICS හට වැඩි බලයක් ලැබෙනවා. ඒ නිසා අප BRICS සමඟ මීළඟට කතා කර මහ කොමසාරිස් කාර්යාලයේ, විශේෂයෙන්ම ආසියා අංශයේ මූලික ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බවට වන ප්‍රශ්නය ගත යුතුයි.
ශ්‍රී ලංකාව වශයෙන් අපේ කැපවීම ඉටු කළ යුතුයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා.ඔවුන් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරෑරුම් අයුරින් සලකා බැලිය යුතු යි.