2025 ජනවාරි 21 වන දින කොළඹ සිනමන් ග්‍රැන්ඩහි විශේෂ මාධ්‍ය හමුවකදී VIMAN Cricket cup අද දින එලි දක්වන ලදි. VIMAN නගරාසන්න නිවාස ව්‍යාපෘතිය යටතේ මෙහෙයවනු ලබන මෙම පරිණාමනීය මුලපිරීම ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීම අරමුණු කර ගනී. මෙම සුවිශේෂී මුලපිරීමට මගපෙන්වීම හා උද්යෝගය රැගෙන එමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙහි නායිකාව සහ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පුරෝගාමී චරිතයක් වන වමරි අතපත්තු, VIMAN සහ ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමඟ අත්වැල් බැඳ ගත්තාය.
2025 පෙබරවාරි 2 වන දින ජා – ඇල දී පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය, ශ්‍රී ලංකාව පුරා පාසල් 8 කට වැඩි ප්‍රමාණයකින් සහභාගි වන වයස අවුරුදු 16න් පහළ සහ 19 න් පහළ වයස් ඛාණ්ඩ වලින් තරඟ වදින පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වනු ඇත. මෙම මුල පිරීම හරහා කැපී පෙනෙනුයේ, කුසලතාවන් හඳුනා ගෙන එහි සංවර්ධනය සලසමින් ක්‍රීඩාවල නිරත කාන්තාවන් සඳහා ලැබෙන දැනුවත්භාවය සහ අවස්ථා ඉහළ නැංවීමට ඇති කැපවීමක් හා බැඳී සිට්මකි.
තරඟාවලිය දියත් කිරීමේ උත්සවයේදී එහි නිල ලාංඡනය එළි දැක්වනු ලැබුවේ, ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලාන තරඟාවලියේදී වමරි අතපත්තු පිතිකරණයේදී අවධානය දිනා ගනිමින් එල්ල කළ කැපී පෙනුනු පහරක්ද එහි ඇතුළත් කරමිනි.
අවස්ථාවට සම්බන්ධ වූ ජෝන් කීල්ස් ප්‍රොපටීස්හි විකුණුම් හා අලෙවිකරණ ප්‍රධානි නඩිම ෂස් මහතා අදහස් දැක්වූයේ මෙළෙසිනි:
” ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ වශයෙන්ම ප්‍රතිරූපී චරිතයක් වන චමරි අතපත්තු සමඟ VIMAN ස්ඵුට ක්‍රිකට් කප් තරඟාවලිය දියත් කිරීමට හවුල් වීමට ලැබීම ගැන අපි විශාල වශයෙන් සතුටු වෙනවා. බිම් මට්ටමෙන් අරඹමින් රට පුරා කරුණා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ප්‍රවර්ධනය කිරීමේ කාර්යයට මෙම මුලපිරීම නියෝජනය කරන්නේ සුවිශේෂී පියවරක්. ජෝන් කීල්ස් ප්‍රොපටීස්හිදී අපි, ජන සම්පත් මත ආයෝජනය කිරීමෙන් සහ සංවර්ධනය සඳහා අවස්ථා ගොඩ නැගීම හරහා අපගේ දේශයේ අනාගතයට නවමු අර්ථයක් එක් කිරීම සඳහා දැඩිව කැපවී සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇය තුළ තිබෙන දැඩි උනන්දුව සහ කැපවීම නිසා චමරි මෙම මුලපිරීම සඳහා සුදුසුම හවුල්කාරිය වනවා. මෙම ප්‍රයත්නය හරහා එක්ව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් සඳහා ශක්තිමත් අනාගතයක් ගොඩනගමින්, ඊළඟ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තුළ උනන්දුවක් ඇති කිරීමට සහ ඔවුන් තුළ පවතින විභවයන් සඵල කර ගැනීමට ඔවුන්ට උපකාර කිරීම අපගේ අරමුණයි.*
මෙම මුලපිරීම පිළිබඳ සිය අභිමානය දක්වමින් චමරි අතපත්තු පැවසුයේ:
” ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කායිකාව ලෙස, අපේ රටේ මීළඟ පරපුරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සර්ව බල ගැන්වීම සහ පෝෂණය කිරීම මට විශාල වගකීමක් ලෙස හැසෙනවා. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සාර්ථකම් ලෙස බලපෑමක් ඇති කරන ක්‍රමය වන්නේ ක්‍රීඩාව කෙසරෙහි දැඩි ඇල්මක් දක්වන දක්ෂ ගැහැණු ළමයින් හඳුනා ගැනීම සහ ඔවුන්ට ශක්තිමත්ව ගොඩ නැගීමට, විශිෂ්ටත්වය කරා ළඟා වීමට සහ ඔවුන්ගේ උපරිම හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථා නිර්මාණය කිරීම බව මම දැඩි ලෙස විශ්වාස කරනවා. ගැහැණු ළමුන් තුළ සැඟවුණු දක්ෂතා හෙළි කරමින්, ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබා දීමට සහ ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ඔවුන්ගේ බලාපොරොත්තු වලට ආරම්භක ස්ථානයක් ලබා දීමට නිර්මාණය කර තිබෙන මුල පිරීමක් වන VIMAN ස්ට්‍රීව ක්‍රිකට් කප් තරඟාවලිය දියත් කිරීමට ජෝන් කිල්ස් ප්‍රොපටීස් සමඟ මම සම්බන්ධ වුනේ විශාල අභිමානයකින් සහ සතුටකින් මෙලෙසින් අපි එක්ව මඟ පාදන්නේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතයක් සඳහායි.”
VIMAN ස්ත්‍රීව ක්‍රිකට් කප් කරහා වලිය, ක්‍රීඩාව සහ ප්‍රජා මුලිකත්වය හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුර, විශේෂයෙන්ම තරුණ කාන්තා ප්‍රජාව බලගැන්වීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපටීස් දක්වන පොදු කැපවීම පිළිබිඹු කරයි.
ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි VIMAN නිවාස ව්‍යාපෘතිය
අක්කර භයක භුමි ප්‍රමාණයක් සහ එයින් 65%ක් නරිත වටපිටාවකින් හා විවෘත අවකාශයන් සඳහා වෙන් කර ඇති VIMAN නිවාස ව්‍යාපෘතිය නුතන නගරාසන්න ජීවන රටාව නව්‍ය අරුත් ගැන්වීමකට ලක් කරයි. මනා ලෙස සැලසුම් කර නිර්මාණය කරන ලද මහල් නිවාස 418 කින් සහ පහසුකම් 15 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත ජා – ඇල නගර මධ්‍යයේ පිහිටා ඇති VIMAN නිවාස ව්‍යාපෘතිය සමෘද්ධිමත් පවුල් පැවැත්මක් සඳහා උචිත ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කරයි. එය පා – ඇල නගර මධ්‍යෙයහි ළඟා වීමට පහසු ලෙස පිහිටා ඇති බැවින්, කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙමින් ජා – ඇල සහ කොළඹ අතර බාධාවකින් තොර මිනිත්තු 30 ක ගමනාගමයක් සලසයි.
තම ” නව ලෝකයන් නිර්මාණය කිරීම ” යන දැක්ම සමඟින් ජෝන් කිල්ස් ප්‍රොපටීස්, ප්‍රජාව, තිරසර භාවය හා නුත ජීවන රටාව සංකලනය කරන්නා වූ පරිණාමනීය ව්‍යාපෘතීන් මෙහෙය වීමෙහි මුලිකත්වය හොබවයි.