විදෙස් මාධ්‍ය මඟින් එලොන් මස්ක්ට අයත් X සමාජ මාධ්‍ය වේදිකාව හදිසි බිඳ වැටීමකට ලක්ව ඇති බවට වාර්තා කර ඇත.
ඒ අනුව මෙම හදිසි බිඳ වැටීම ලොව පුරාම සිදු වූ බව සඳහන්.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් කරමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් 22 වන දා ආරම්භ වූ ප්‍රධාන ඇනහිටිමක මෙය ප්‍රතිවිපාකයක් බවයි.
එහි තවත් එක් අදියරක් ලෙස මේ වන විටත් මෙසේ ලොව පුරා පරිශීලකයින් රැසකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර වී තිබෙනවා.
තවද පරිශීලකයින් රැසකට සෘජු පණිවිඩ නොලැබීම, සටහන් යොමු කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙහි දී විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පරිගණක සහ ජංගම දුරකථන උපාංග දෙකෙහිම X ගිණුම් ගැටළු වාර්තා වී ඇති බවයි.
