YMMA 75 වසර සැමරුමේදී අගමැති හරිනි අමරසූරියගෙන් තරුණ පිරිමි දරුවන්ගේ අධ්‍යාපනයට විශේෂ අවධානයක්

අග්‍රාමාත්‍යවරිය සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට සහභාගී වෙයි.ඔක්තෝබර් 20 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් (YMMA) සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.සිවිල් සේවකයෙකු සහ සෙනෙට් සභිකයෙකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් මහතා විසින් ආරම්භ කරන ලද YMMA සංගමය, තරුණයින්ට සහ ප්‍රජා සහභාගීත්වයට අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බවට ඇති විශ්වාසය මත ස්ථාපිත කරන ලද අතර වසර ගණනාවක් පුරා, මෙම දැක්ම ඉදිරියට ගෙන ගොස් ඇත. පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර පුණ්‍යායතන සංවිධානයක් ලෙස පිළිගත් YMMA සංගමය සමාජ සුභසාධනය සහ ප්‍රජා සංවර්ධනයේ කුළුණක් බවට පත්ව ඇත.මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,”අධ්‍යාපනය, තරුණ සංවර්ධනය, ආපදා සහන සැලසීම, අවශ්‍යතා ඇති කාන්තාවන් සහ පවුල් බලගැන්වීම සහ ප්‍රජා සුභසාධනය මූලික කර ගනිමින් මෙම සංගමය දහස් ගණනක පුද්ගලයින් සහ ප්‍රජාවන්ට සහාය වෙලා තියෙනවා.තරුණ කාන්තා මුස්ලිම් සංගමයේ (YWMA) ‘කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ සහ ‘පාසලට ආපසු යාමේ වැඩසටහන’ වැනි මුලපිරීම් හරහා මුස්ලිම් කාන්තාවන්ට සහාය වීමට YMMA සංගමය මඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි. එවැනි වැඩසටහන් පුද්ගල සංවර්ධනය සඳහා පමණක් නොවේ, සමස්තයක් ලෙස සමාජයටම වටිනාකමක් එක් කරනවා.අන් අයට සේවය කිරීම සඳහා තම කාලය, ශක්තිය සහ සම්පත් ලබා දුන් පිරිස ඇගයීමට ගන්න උත්සාහය වාර්ෂිකව ඔබ විසින් මෙලෙස සිදු කරනු ලබන සාමාජික සාමාජිකාවන් සහ ශාඛා තෝරාගැනීම මඟින් පිළිබිඹු වනවා.වසර 75 ක සේවා කාලය පිළිබඳ අපි මෙලෙස මෙනෙහි කරනවා වගේම අපි ඉදිරිය දෙසත් බැලිය යුතුය. විරැකියාව සහ සමාජයෙන් කොන් වීම ඇතුළුව අද තරුණයින් මුහුණ දෙන අභියෝගවලට රජය, සිවිල් සමාජය වගේම YMMA වැනි සංවිධාන අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අවශ්‍යයි.විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්පූර්ණ කිරීමෙන් පසු ගැහැණු ළමයින්ට සාපේක්ෂව පිරිමි ළමයින් වැඩි ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ අනුපාතයක් ඇති බව දැනට පවතින දත්තවලින් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා තරුණ පිරිමි දරුවන්ට උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන පුහුණුව හැදෑරීමට ඇති අවස්ථා සීමා කරනවා. එබැවින් ඉගෙනුම් මාර්ග සඳහා මඟ පෙන්වීම මඟින් පිරිමි දරුවන්හට අධ්‍යාපනය දිගටම කරගෙන යාමට දිරිගැන්වීම සහ සහාය දීම අත්‍යවශ්‍යයි.වගකිවයුතු සහ දක්ෂ තරුණ පුරවැසියන් සංවර්ධනය කිරීම සඳහා YMMA සංගමය මඟින් ලබා දෙන අඛණ්ඩ කැපවීම මම අගය කරනවා. සමානාත්මතාවය, අවබෝධය සහ සමාන අවස්ථා මත පදනම් වූ සමාජයක් අපට ගොඩනගා ගත හැකි වන්නේ මෙම උත්සාහයන් තුළින්.” මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා, YMMA සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 800

Leave A Reply

Your email address will not be published. Required fields are marked *