අංගොඩ වෙළඳ සල්වල ගින්න මැඩ පවත්වයි..

අද පස්වරුවේ අංගොඩ හන්දියේ වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානයක ඇතිවූ ගින්නක් පසුව එම ගොඩනැගිල්ලේම පිහිටි තවත් වෙළඳ සැලකට සහ මම වෙළඳ සැලට පිටුපසින් පිහිටි නිවසකටද පැතිරී ගියා..

විදේශී අනිත් වෙළඳ සල් වලට ගින්න පැතිරීම ලක්වීමට අවට ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් යෙදුවා..

පසුව කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන රථයක්ද පැමිණ ගින්න පාලනය කළා ..

වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානයේ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා..

ගින්න නිවීමට ප්‍රදේශවාසීන්
ගිනි නිවන රථ මෙන්ම
මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ද .,කැලණි මුල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන්ද එක් උනා..

ගින්න පැවති වෙළඳ සල් ඉදිරිපිට මාර්ගය මම අවස්ථාවේදී වසා දැමීමට පොලිසිය ක්‍රියා කළා..

මේ වන විට ගින්න පාලනය කර තිබෙනවා..

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මුල්ලේරියාව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *