අකුණු සැර වැදීමෙන්, කාන්තාවක් මරුට තවත් 6ක් රෝහල් ගතකෙරේ…

හාලිඇල ඇටැම්පිටිය නෙළුව වතුයායේ සිදුවූ අකුණු සැර වැදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ තේ දළු කිරමින් සිටි එම කාන්තාව ඇතුළු 07 දෙනෙකුට අකුණු සැර වැදී ඇති බවයි.

මියගොස් ඇත්තේ නෙළුව වත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

අනතුරට ලක්වූ සෙසු පුද්ගලයින් 06 දෙනා ඇටැම්පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව එක් පිරිමි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *