අකුරෙගොඩ සුපිරි වෙළඳසැලක් අසලදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට 80%ක් පමණ අවසන් වී ඇති බව පොලිසිය පවසයි. පෙබරවාරි 24 වනදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.පී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්ගෙන් තිදෙනෙකු දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතින අතර අනෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් අඛණ්ඩව විමර්ශන සිදු කරන බවත්, ඉදිරි දින කිහිපය තුළ එහි වැඩි ප්‍රගතියක් අපේක්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.


























